මේ සිද්දිය නම් හරිම සරල දෙයක්. ඔයාල ගොඩක් දෙනා මේ වගේ දෙයක් වුනාම හරිගස්සගන්න දන්නව ඇති.
ඒත් නොදන්න අයත් ඉන්න නිසා මම හිතුව මේක පෝස්ට් කරන්න ඕන කියල....
මේ කතාව මෙහෙමයි...
සමහර වෙලවට අපි වැඩ කර කර ඉන්න කොට වැරදිලා කී බෝඩ් එකේ කීස් එබිල කම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එක උඩුයටිකුරු (අංශක 180) වෙන වෙලාවල් තියනවනෙ... නැත්නම් අංශක 90, 270 වගේ හැරෙන වෙලාවලුත් තියනව.. එතකොට අපේ අය ඔන්න බයවෙනව... ඊට පස්සෙ දාඩිය පෙරාගෙන මොකද කරන්නෙ කියල හොයනව...

ඔය වැඩේ කාලෙකට කලියෙන් මටත් වුනා.. එද මටත් චුට්ටක් වෙලා යනකන් හිතගන්න බැරිවුනා මොකද කරන්නෙ කියල.. පස්සෙ කල්පනා කරනකොට තමයි හිතුනෙ මේක ග්‍රැෆික් ප්‍රොපර්ටිස් වලින් හදන්න ඕන කියල. ඉතින් මම ඊටපස්සෙ බොහොම අමාරුවෙන් මවුස් එකෙන් ග්‍රැෆික් ප්‍රොපර්ටිස් ගිහිල්ල හදාගත්ත. අමාරුවෙන් කිවුවෙ මොකද ඩෙස්ක්ටොප් එක උඩ යට මරුවෙලනෙ තියෙන්නෙ, ඒක නිසා වෙනද මොවුස් එක වැඩ කරන විදියට නෙවේ ඒකෙ අනිත් පැත්ත තමයි වෙන්නෙ. අද ගොඩක් කම්පියුටර් වල නම් මේ ග්‍රැෆික් ප්‍රොපර්ටිස් ටාස්ක් බාර් එකෙ ඔරලොසුව ගාව එනව. නෙත්නම් කන්ට්‍රොල් පැනල් එකට යන්න ඕන.

ඇත්තටම මම එදා ගිය විදියට යන්න ඕනනෑ. මේකට ෂෝට් කට් කීස් නැත්නම් හොට් කීස් තියනව. එදා මම ඒව නොදන්න නිසා තමයි එච්චර වදයක් වින්දෙ. දැනට දවස් දෙකකට කලියෙනුත් යළුවෙකුට ඔය වෙඩේ වෙලා මට කෝල් කරල ඇහුවහම මම ෂෝට් කට් කී එක කිවුව. එතකොට තමයි මට හිතුනෙ මේක ලියන්න ඕන කියල.
ඔන්න ඔයාලත් බලාගන්න ෂෝට් කට් කීස් ටික.
සාමන්‍ය විදියට හරවන්න..
Rotate to Normal - CTRL+ALT+UP Arrow key
අංශක 90කින් හරවන්න..
Rotate 90 Degrees - CTRL+ALT+Left Arrow key
අංශක 180කින් හරවන්න..
Rotate 180 Degrees - CTRL+ALT+Down Arrow key
අංශක 270කින් හරවන්න..
Rotate 270 Degrees - CTRL+ALT+Right Arrow key
මේවත් ප්‍රශ්නද..... නේද...?
කමෙන්ට්ස් දාන්න අමතක කරන්න එපා..