Wednesday, October 6, 2010

ලැන්ග්වේජ් බාර් (Language bar) එකට සිංහල කීබෝර්ඩ් එක ඇතුලත් කර ගනිමු..

ඉතින් යාලුවනේ, ඔන්න කලෙකට පස්සෙ අපි අයෙත් මුන ගෙහෙනව... පහුගිය දවස් වල මට විභාගෙ තිබුන නිසා මොනවත් ලියන්න බැරිවුනා.ඒක නිසා මම පුංචිම පුංචි දෙයකින් පටන් ගන්න හිතුව....... මේක නම් ගොඩ දෙනෙක් දන්න දෙයක්..

ඒ තමයි "අපි කොහොමද ලැන්ග්වේජ් බාර් (Language bar) එකට සිංහල කීබෝර්ඩ් එක ඇතුලත් කර ගන්නෙ.." කියන එක.... මොකද දැන් ගොඩාක් අය සිංහල යුනිකෝඩ් බාවිතා කරල ලියුම් කියුම් වල වැඩ කරනවනෙ...
මෙහෙම ටයිප් කරන්න කීබෝඩ් එක මාරු කරගන්න ලැන්ග්වේජ් බාර් එක ඕන නිසා මුලින්ම ලැන්ග්වේජ් බාර් (Language bar) එක, ටාස්ක් බාර් (Task bar) එකට ගන්නෙ දාගන්න හැටි කියන්න හිතුන..

ඉතින් එකට විඩෝස් ඕනම OS එකක් පාවිච්චි කරක කෙනෙක් මුලින්ම කරන්න ඕන කන්ට්‍රෝල් පැනල් එකට යන එකයි...



ඊට පස්සෙ XP වලනම් එතන තියන Regional and Language option ඩබල් ක්ලික් කරන්න..


Windows 7 වල නම් Clock,Language, and Region එක යටතෙ තියන Change Desplay language කියන එක ක්ලික් කරන එක..



ඊට පස්සෙ එන වින්ඩො එකෙ XP වල නම් Languages කියන ටැබ් එකේ Details කියන බටන් එකයි 7 වල නම් Keyboard and Languages කියන ටැබ් එකේ Change keyboard කියන බටන් එකයි ප්‍රෙස් කරන්න...







හරි, ඒ බටන් එක ප්‍රෙස් කලාට පස්සෙ එන වින්ඩො එකෙ XP වලනම් Settings කියන ටැබ් එකේ Language bar කියන බටන් එක ක්ලික් කලාම එන වින්ඩො එකෙ Show the language bar onthe desktop පේලියට ඉස්සරහින් තියන කොටුව ටයි Show additional language bar in the thaskbar පේලියට ඉස්සරහින් තියන කොටුව ටයි හරි දමල සිලෙක්ට් කරල OK කරන්න.






7 වලනම් General කියන ටැබ් එකෙයි තියන Show additional language bar icons in the thaskbar පේලියට ඉස්සරහින් තියන කොටුවෙ හරි ලකුණක් දමල OK කරන්න විතරයි තියෙන්නෙ. දැන් ලැන්ග්වේජ් බාර් එක ටාස්ක් බාර් එකේ පෙන්නනව.....













අපි ලැන්ග්වේජ් බාර් එක add කලනෙ.. ඊලඟට සිංහල ලැන්ග්වේජ් බාර් එකට add කරගමු.

හරි,දැන් ලැන්ග්වෙජ් එක add කරන්න අපි කලින් Details හෝ Change keyboard සිලෙක්ට් කරල එන වින්ඩො එකට ආයෙත් යන්න. ඒ බටන් එක ප්‍රෙස් කලාට පස්සෙ එන වින්ඩො එකෙ XP වලනම් Settings කියන ටැබ් එකෙයි, 7 වලනම් Language bar කියන ටැබ් එකෙයි තියන Add කියන බටන් එක ක්ලික් කරන්න. මෙතනින් තමයි සිංහල කීබොඩ් එක ඇඩ් කර ගන්නෙ..




දැන් එන වින්ඩො එකෙන් තමයි සිංහල ඇඩ් කරගන්නෙ. XP වලනම් Input Language කියන තැන තියන ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙන් සිලෙක්ට් කරන්නත් 7 වලනම් එන වින්ඩො එකෙතියන තැන හරිලකුණ දාල සිලෙක්ට් කරන්නත් තමයි තියෙන්නෙ.




මෙතනදි ලැන්ග්වෙජ් සිලෙක්ට් කරනකොට මතක ඇතුව Sinhala-Wij 9 කියන එක තෝරන්න. ඒකෙන් තමයි දැනට සම්මතයක් විදියට බාවිතා කරන විජේසේකර කීබොඩ් එක දෙන්නෙ...

දැන් ඔන්න අපි සිංහල ඇඩ් කරගෙන ඉවරයි.. දැන් සිංහල කීබොර්ඩ් එක සිලෙක්ට් කරන්න alt+shift ඔබන්න. එතකොට ටාස්ක් බාර් එකෙ තියන ලැන්ග්වෙජ් බාර් එකෙ තියන EN, SI විදියට වෙනස් වෙවි... දැන් ඔයාලට සිංහල ටයිප් කරන්න පුලුවන්. ආයෙත් English වලට මාරුවෙන්න ඕනනම් කලින් කියපු keys දෙක ආයෙත් ඔබන්න...

හැබැයි මෙහෙම සිංහල කී බොර්ඩ් එකට දාගන්න නම් මුලින්ම යුනිකෝඩ් දමාගෙන ඉන්න ඕන.
යුනිකෝඩ් නැත්නම් මෙතනින් ගන්න.... Sinhala Unicode


කමෙන්ට්ස් දාන්න අමතක කරන්න එපා..





No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t