ඉතින් ඒ හැම කෙනටම ඉන්ටර්නෙට් නැති නිසා ඔන්ලයින් අප්ඩේට් කරන්න බෑ. ඉතින් මම කිවුව ඕෆ්ලයින් අප්ඩේට් ගෙනිහිල්ල අප්ඩේට් කරන්න කියල. ඉතින් එය එහෙම අප්ඩේට් කරන්න ගිහින් එරර් එකක් ඇවිල්ල, "අප්ඩේට් වෙන එක කම්ප්ලීට් කරන්න බෑ. කම්පියුටර් එක ඉන්ටර්නෙට් කනෙක්ට් කරලද කියල සුවර් කරගන්න" කියල.හැබැයි සමහර අයට මේ විදියට අප්ඩේට් කරන්න පුලුවන්.
එයා කීපදෙනෙක්ගෙන්ම අහල තිබුන මොක්ද ප්‍රශ්නෙ කියල. එයක කවුරුත් කියල තිබුනෙ ඒක ඕෆ්ලයින් අප්ඩේට් කරන්න බෑ කියල. ඇත්තටම මෙක ඔෆ්ලයින් අප්ඩේට් කරන්න පුලුවන්ද? අපි බලමු.
ඔවු ඇත්තටම අපිට MSE ඕෆ්ලයින් අප්ඩේට් කරන්න පුලුවන්. බලමු ඒ කොහොමද කියල...
1. මුලින්ම අපි අපේ ඔපරේටිං සිස්ටම් (OS) එක මොකක්ද කියල හරියටම දැනගෙන ඉන්න ඕන. XP ද Vsta ද Windows 7 ද කියල. තව සිස්ටම් එක 32bit ද 64bit කියල.
එක සිස්ටම් ප්‍රොපටිස් වලින් බලන්න පුලුවන් (use Windows + Pause).
2. ඊට පස්සෙ හරිම අප්ඩේට් එක ඩවුන්ලෝඩ් කරගන්න.පහල තියන ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
Download for 32-bit
Download for 64-bit
3. ඊට පස්සෙ ඒ ඩවුන්ලෝඩ් කරගත්තු ෆයිල් එක අරගෙන, තියන OS එක XP නම් කෙලින්ම ඩබල් ක්ලික් කරාම හරි. එක ඉබේ එක්ස්ට්‍රෑක් වෙලා අප්ඩේට් වේවි. Vista හරි Widows 7 හරි නම් තියෙන්නෙ ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක රයිට් ක්ලික් කරල එන මෙනු එකේ "රන් ඈස් ඇඩ්මිනිස්ට්‍රේට" කියන එක ක්ලික් කරන්න. ඇඩ්මිනිස්ට්‍රේට පාස්වර්ඩ් දීලනම් තියෙන්නෙ ඒක ඉල්ලාවි. ඒක දුන්නයින් පස්සෙ ඉබේම එක්ස්ට්‍රෑක් වෙලා අප්ඩේට් වේවි.


4.ඊට පස්සෙ MSE එකට ගියහම පෙන්නාවි එක අප්ඩේට් වෙලා කියල.
5. දැන් ඔයගොල්ලො වයිරස් ගාඩ් එක අප්ඩේට් කරල ඉවරයි..
කමෙන්ට්ස් දාන්න අමතක කරන්න එපා..